නාමල් ජනපතිවරණයට ඉදිරිපත් වීම “ගොන්” තීරණයක්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ගනු ලැබූවේ ගොන් තීරණයක් බවත් නමුත් අවසන් මොහොතේ හෝ ඔහු ජනපති සටනින් ඉවත් වුවහොත් එය බුද්ධිමත් තීරණයක් විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. කැමති කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීමේ දී පවා කී බව ද මන්ත්‍රී වරයා කීය.මෙවර ජනපති සටනේ කරට කර සිටින්නේ රනිල් සහ සජිත් පමණක් බවත් නාමල් සිටින්නේ දිලිත් ජයවීර මහතාට ද පහළින් බවත් සඳහන් කරන එස්.බී දිසානායක මහතා ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කරමින් රට නගා සිටුවීමේ හැකියාව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත් පවසයි.

කාලීන පුවත්