ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජය තහවුරු කිරීම සඳහා හම්බන්තොට සිරිබෝපුර ප්රදේශයේ පැවැති ජන හමුවකට පිටත පිරිසක් ගල් ප්රහාරයක් එල්ල වී තිබේ.හම්බන්තොට පොලිසිය පැවසුවේ එම ගල් ප්රහාරයෙන් රැස්වීමට පැමිණ සිටි මයුරපුර රොටරි පාරේ පදිංචි ළමයකු තුවාල ලබා හම්බන්තොට දිස්ත්රික් මහා රෝහලට ඇතුළත් කළ බවයි.මෙම ජන හමුව සඳහා චමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිතව තිබූ මුත් එම සිදුවීමෙන් පසුව ඔවුන් ඊට සහභාගී නැත.