පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්රනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්රිවරුන්ට ඇමැති ධුර ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ප්රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඒ සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළුශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවති විශේෂ සාකච්ඡාවක දීය. ඇමැති ධුර ලබා දිය යුතු මන්ත්රීවරු දහසයකගේ නාම ලේඛනයක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ.නමුදු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ ඉහත සඳහන් මන්ත්රිවරුන්ට ඇමැති ධුර ලබා දීමේ යෝජනාවට දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධය පළ කර ඇති බවකි.එමෙන්ම එවන් තීරණයක් මත ඉකුත් කාලයේ පැවැති ජනතා විරෝධය නැවත ඉස්මතු විය හැකි බව ද ජනාධිපති වරයා පෙන්වා දී තිබේ.