පවතින අධික වැසි තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල සහ හල්දුම්මුල්ල ප්රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මේ අතර මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර, උඩපළාත සහ මැදදුම්බර ප්රදේශ සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
කුරුණෑගල දිස්ත්රික්කයේ මාවත්ගම සහ පොල්ගහවෙල, මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල අඹන්ගඟ කෝරළේ සහ ලග්ගල පල්ලේගම ප්රදේශ සඳහාද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මීට අමතරව පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ නුවරඑළිය දිස්ත්රික්කයේ හඟුරන්කෙත සහ රත්නපුර දිස්ත්රික්කයේ කලවාන සහ කුරුවිට ප්රදේශ සඳහායි.