ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රතිආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුස්නෑව යාලේගම ග්‍රාමයේ, රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංගමුව ධීවර ගම්මාන ප්‍රජා ශාලා භූමියේ සහ රාජංගනය මාලිගාතැන්න පුරාණ රජමහා විහාරස්ථාන භූමියේ ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) ජනතා අයිතියට පත් කිරීම, සිදු කෙරිණි.
ඒ අනුව, මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ මේ වන විට ජල පිරිපහදු මධ්‍යස්ථාන 12 ක් ස්ථාපනය කෙරුණු අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, තඹුත්තේගම, කැකිරාව, තලාව, කහටගස්දිගිලිය, නොච්චියාගම, සහ තිරප්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් තුල ස්ථාපනය කෙරෙන තවත් ජල පිරිපහදු මධ්‍යස්ථාන 19 ක් දෙසැම්බර් මස 13 වැනි දින වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.