කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන්ට බෙදා දුන් නැනෝ දියර පොහොර කෑන් පුපුරා යාමට හේතුව පොහොර වල නයිට්රජන් වැඩිපුර තිබීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ගොවීන් ලක්ෂ අටකට මෙම ජෛව පොහොර බෙදා දී ඇති බවත් පුපුරා ගොස් ඇත්තේ කෑන් පහ හයක් පමණක් බවත්ය.
නමුදු එකම ස්ථානයේ තිබූ එම පොහොර කෑන් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පුපුරා ගොස් ඇති අයුරු ඡායාරූප හා වීඩියෝ ආශ්රයෙන් මාධ්‍ය මඟින් ප්‍රචාරය කොට තිබිණ.
එමෙන්ම එකම සංයුතියකින් යුතු පොහොර තොගයක අතරින් පතර තිබූ කෑන් වල පමණක් නයිට්‍රිජන් වැඩිපුර තිබීමෙන් ද එම පොහොර වල ප්‍රමිතිය පිළිබඳ ගැටළු පැන නඟී.
ඒ අනුව එම පොහොර වල සේම ඇමති වරයාගේ ප්‍රකාශ වල ද ප්‍රමිතිය ගැටළුකාරී බව විද්වත්හු පවසති.