තවත් නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයක් රට තුළට කඩා වදිමින් තිබේ.ශ්‍රී ලංකාව සදාහරිත දේශයක් කිරීමේ සිට එහි ජනතාව බත බුලතින් පෝෂණය කිරීම පිණිස ප්‍රධාන වශයෙන් ඉවහල් වන සොබා දහමේ දායාදයක් වන මෙම මෝසම් සුළං ප්රවාහයෙන් ගෙනෙන තද වැසි සුළං මෙරට ජන ජීවිත වලට බරපතල අතුරු අන්තරාවන් සිදු කරන අවස්ථා ද දුලබ නොවේ.ප්‍රධාන වශයෙන් සුළඟින් ගස් සහ අතු කඩා වැටීම් ,ගං වතුර සහ නාය යාම් මෙම ස්වාභාවික ආපදාවන් ලෙස සැළකෙයි.
මෙමඟින් සෑම වසරකම මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාල සීමාව තුළ මෙම ස්වාභාවික විත් සිදුවන අතර ඉන් මුල් මාස දෙක තුළ බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යම පලාත් කෙරෙහි වැඩි බලපෑමක් සිදු කරන බව අනාවරණය වී තිබේ.එමඟින් සෑම වසරකම වටිනා මිනිස් ජීවිත රැසක් සේම දේපල බොහොමයක් අහිමි වෙයි.එනිසාම මෙම පළාත් ආශ්රිත ගංගාධාර ප්‍රදේශ වල වෙසෙන ජනතාව නිරතුරු අවධානයෙන් පසුවිය යුතු බවට කාලගුණ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු මඟින් ජනතාවට අනතුරු අඟවනු ලැබේ.
පවත්නා අයහපත් කාළගුණික තත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවදානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීමට බස්නාහිර සහ දකුණු පළාත්හී ප්‍රදේශ කිහිපයක නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට කටයුතු කර ඇත.නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැළසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදා ගැනීම සඳහා බටහිර නාවික විධානය මගින් රත්නපුර ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් 04ක් ද, කළුතර බුලත්සිංහල සහ පරගොඩ ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් 01 බැගින් ද යොමු කර ඇති අතර, දකුණු නාවික විධානය මගින් ගාල්ල තවලම සහ නාගොඩ ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් 02 බැගින් යොමු කර ඇත.
ඒ අනුව මේ වන විට කළුතර, පරගොඩ ප්‍රදේශයේ ඇතිව ඇති ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශය වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම මඟින් මේ වන විට ජනතාව වෙත අවශ්‍ය සහන සලසමින් සිටියි.තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද, දකුණු නාවික විධානයේ සහන කණ්ඩායම් 06ක් ද, වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද මේ වන විටත් සූදානමින් තබා ඇත.
ඊට අමතරව හදිසි තත්වයන් යටතේ ඔබට පිහිට වීමට ආසන්නතම යුද සහ ගුවන් හමුදා කඳවුරු වල නිලධාරීන් සහ භට පිරිස් ද සූදානම් කොට තිබේ.නමුත් ඔවුන්ගේ එම රාජකාරීමය කැප වීම නිසි අන්දමින් ඵලදායක වනුයේ ඉහත සඳන් ආපදාකාරී තත්වයන් කෙරෙහි ඔබගේ පූර්ව අවධානය පැවතිය හොත් පමණි.එනිසා ඉහත සඳහන් කවර හෝ ස්වාභාවික ආපදා තත්වයන් වලින් ඔබ සහ ඔබගේ පවුලේ සාමාජිකයන්ගේත් ජීවිත සේම දේපල රැක ගැනීම උදෙසා ඔබගේ උපරිම කැපවීමක් තිබිය යුතුය.
එමෙන්ම ඔබ නිවසේ වෙසෙන වැඩිහිටියන්,කුඩා දරුවන් ආබාධිත පුද්ගලයන් සේම නිවසේ ඇති දැඩි කරන සුරතල් සතුන්ගේ ජීවිතාරක්ෂාව සැලසීම ද ඔබ සතු සුවිසක් වගකීමක් බව ඔබ තරයේ සිතට ගත යුතුය.