නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට දිනය නම් කෙරේ

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්, යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වෙත රැගෙන යාම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කරයි.

තැපැල් ඡන්ද භාවිතා කිරීම ඉහළ අගයක පවතුන බව ඔහු ද පවසන ලදි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බවත්, ලබන (08)වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද  ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 වැනිදා අහ 12 වැනිදා අවස්ථාව හිමිවෙයි.

කාලීන පුවත්