පාර්ලිමේන්තු මැතිවරණයට අදාළවි නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදීමේ කටයුතු නොවැම්බර් 7 දක්වා සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කරයි.
කොළඹ දිස්ත්රික්කයේ නිල දැන්වීම් පත්රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී ඒවා බෙදාහැරීම සිදුවන්නේ නැහැ.
නොවැම්බර් 03 වැනි ඉරු දින විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමට පියවර ගන්නා බව තැපැල්පතිවරයා පවසයි.