නිසි පරිදි ඡන්දය පැවැත්වීම අවිනිශ්චිතතාවක; මැතිවරණ කොමිසම සාකච්ඡාවක් කැඳවයි

දැනට පවත්නා තත්වය මත පළාත් පාලන මැතිවරණය නියමිත දින වකවානු තුළ පැවැත්වීම අභියෝගාත්මක කරුණක් ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද(14) මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.මේ සඳහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් සේම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද .කැඳවීමට ද තීරණය කර ඇත. මැතිවරණය සඳහා ඉල්ලන ලද මුදල් මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට මුදාහැරීමට කටයුතු කර නැත.මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටු බව ඊයේ රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබේ.මේ අතර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාල මඟින් ද මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ තාක් සම්පාදනය වී නොමැති වීම මත පළාත් පාලන මැතිවරණය නියමිත දින වකවානු තුළ පැවැත්වීමට නොහැකි වනු ඇතැ‍යි යන්න බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

කාලීන පුවත්