නීතිපති සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය ඉතිහාසයේ කිසි දා සිදු නොවූවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි.ඔහු එසේ පවසා සිටියේ ඊයේ(10) කොළඹ පැවති මාධ්‍ය හමුවක දීය.නීතිපතිවරයා යනු නීතියේ සාධාරණත්වය ඉටු කිරීමට සුවිශේෂී වගකීම් සමුදායකින් බැඳී සිටින්නකු වන අතර 1948 පසු නීතිපතිවරයෙකුගේ සේවා දිගුවක් දුන් පළමු අවස්ථාව මෙය බවත් මහාචාර්යවරයා කීය.ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය තව දින 34 කින් ආරම්භ වන පසුබිමක නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවත් නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කිරීම නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියයි.

කාලීන පුවත්