නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වී තිබේ.ඒ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි වන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනුයේ මෙම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 10 ක් පමණ ගත වන බවකි.මේ අතර මේ වන විටත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තවත් ජනන යන්ත්‍රයක් අක්‍රීය කොට තිබේ.ඒ අනුව දැනට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වන්නේ එක් ජනන යන්ත්‍රයක් වන අතර එමගින් ජාතික පද්ධතියට එක් කරන විදුලි ධාරිතාව මෙගාවොට් 300 කි.මේ අතර දිවයින පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් විදුලි බල මණ්ඩලය සහතික කර ඇති බව ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන අතර කුමන ආකාරයක හෝ විදුලි කප්පාදුවක් සඳහා සැලසුමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.