නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අලුත්වැඩියාවට දින 7ක්

කාර්මික දෝෂයකට ලක් වූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට විදුලිය ලබාදීම සඳහා දින 07ක පමණ කාලයක් ගතවන බව ලංකා විදුලි බල මණ්ඩල තාක්ෂණික ඉංජීනේරු හා අධිකාරී සංගමය කළ විමසීමකදී සඳහන් කළේය.

බොයිලේරුවට ජලය සපයන නළයක ඇති වී තිබෙන කාර්මික දෝෂ තුනක් ඊයේ (27දා) වනවිට හඳුනාගෙන තිබෙන බවත්, වැඩිදුර පරික්ෂා කිරීම සඳහා අදාළ ප්‍රදේශ සිසිල් තත්ත්වයට පත්වනතුරු සිටිය යුතු බවද එම සංගමයේ සභාපති ඒ.පී.වී. නිශාන්ත මහතා සඳහන් කළේය. අදාළ ප්‍රදේශ සිසිල් වීම සඳහා දින දෙකක පමණ කාලයක් ගතවන බවත්, සිසිල් වීමෙන් පසු අදාළ දෝෂ හඳුනාගෙන යථා තත්වයට පත් කිරීමට දින 07ක් හෝ ආසන්න කාලයක් ගතවන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම කාලය තුළදී විදුලි සැපයුම් සිදු කිරීම සඳහා හදිසි මිලදී ගැනීම පවා සිදුකරන බවත්, ඊට අදාළ කටයුතුවලට අනුව දෛනික විදුලි සැපයුම් පැය 02 විනාඩි 20 ප්‍රමාණයක රඳවාගැනීමට හැකිවන බවද හෙතෙම පවසා සිටියේය.

කාලීන පුවත්