හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පක්ෂ දේශපාලනයෙන් ඉවත් වීමත් සමඟ තොරතුරු තාක්ෂණයට දක්ෂ අඩු ආදායම්ලාභී ළමුන් සඳහා නොමිලේ ලැප්ටොප් පරිගණක බෙදාදීමේ ව්‍යාපෘතියක් ඊයේ (25 වැනිදා) ආරම්භ කරන ලදී. එම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් තිදෙනෙකුට ලැප්ටොප් පරිගණක ලබාදීම ඔහු රැඳී සිටින මාදින්නාගොඩ නිවාසයේදී සිදු කෙරිණි.පළමු වටය යටතේ ලැප්ටොප් පරිගණක 40ක් බෙදා දීමට අපේක්ෂාවෙන් පසුවන ඒ මනතා ලැප්ටොප් පරිගණක 15000ක් බෙදාදීම දක්වා ඉදිරියට රැගෙන යන බවද කීය.‘මම පසුගිය කාලයේ ඇමරිකානු සංචාරයක නිරත වුණා.
එහිදී විවිධ ප්‍රසංගයන්ට සහභාගි වීමේ අවස්ථාව මට ලැබුණා. ඒ සෑම අවස්ථාවකදීම මට මුදල් ලබාදෙනවා වෙනුවට ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ලැප්ටොප් පරිගණක ලබාදෙන ලෙසයි. ඒ විදිහට ඇමරිකාවේ වෙසෙන විවිධ තරාතිරම් නියෝජනය කරන පිරිස් මට ලැප්ටොප් පරිගණක 1500කට අධික සංඛ්‍යාවක් ලබා දුන්නා.මෙම කටයුත්ත සඳහා දේශපාලන මතවාදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගි විය හැකියි. මේ වන විටත් මගේ නම භාවිත කරමින් මේ කටයුත්ත වෙනුවෙන් ව්‍යාජ අයුරින් මුදල් රැස්කරන්න යම් යම් පාර්ශ්වයන් කටයුතු කරනවා. ඒවාට නොරැවටෙන්න කියලා මම ඉල්ලා සිටිනවා’ යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.දකුණු කොරියාව, ජපානය සහ ඉතාලිය ආදී රටවලින් ප්‍රසංග සඳහා මේ වන විටත් ආරාධනා ලැබී ඇති බව කියන ඒ මහතා ඒ සෑම අවස්ථාවකදීම තමාට මුදල් නොව ලැප්ටොප් ලබාදෙන මෙන් ඉල්ලා සිටින බව ද කීය.