පක්ෂයෙන් පනින අයට අනාගතයක් නෑ

පක්ෂයෙන් පනින අයට කිසිදු අනාගතයක් නොමැති බව මෑත කාලීන දේශපාලන ඉතිහාසයෙන් මනාව පැහැදිලි වන බවත් එලෙස පක්ෂ මාරු කළ අයට අත් වූ ඉරණම දැක ගැනීමට හැකිව තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ඒ මහතා මේ බව පැවසුවේ ශාන් විජයලාල් මහතා සමඟි ජන බලවේගයට එක් විම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා පක්ෂයෙන් ඉවත් වූ බවට නිල වශයෙන් පක්ෂයට දැනුම් දී තිබේ. ඒ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තහවුරු කර තිබේ.

කාලීන පුවත්