පක්‍ෂයක් යනු රාජපක්ෂලා පමණක් නොවේ

පක්‍ෂයක් යනු රාජපක්ෂලා පමණක් නොවන බවත් පොහොට්ටුව නිර්මාණය කිරීම පිණිස ගම් මට්ටමේ සිට බොහෝ දෙනකු කැපවීමෙන් ක්‍රියා කළ බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.”පක්ෂය එකක් රට තව එකක්. නමුත් පක්ෂයක් කියන්නේ රාජපක්ෂලා විතරක්ම නෙවෙයි. අනික රාජපක්ෂ විරෝධය තියෙන්නේ අලුත් පරපුර තුළ කියලා අපි පක්ෂයක් ලෙස හදුනා ගෙන තිබෙනවා.පොහොට්ටුව හදන්න අපි සෑහෙන්න මහන්සි වුනා. එතන ගම් මට්ටමේ සාමාජිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් තීරණය කරල තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්න ගත්ත තීන්දුව හොඳ තීන්දුවක් කියලා. ඒක වසරක් ඇතුළත පෙන්වා තිබෙනවා.ඉතින් පක්ෂයක් කියන්නේ පොදු තීන්දුවක් එක්ක යන ගමනක්. ඒ නිසා ජනාධිපතිවරයාට සහාය දෙන්න ඕන කියන තැනක තමයි ගමේ පාක්ෂිකයන් කටයුතු කරන්නේ” ඒ මහතා එසේ පවසා සිටියේ’පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

කාලීන පුවත්