පන්සල් – පල්ලි අද අඳුරේ

විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් විරෝධය පා වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන අද (09) රාත්‍රියේ විහාරස්ථානවල විදුලි පහන් නිවා අඳුරේ තැබීමට භික්ෂූන් වහන්සේලා ගෙන ඇති තීරණයට සහය පළ කරමින් කොළඹ අගරදගුරු පදවියේ දේවස්ථානවල ද විදුලි පහන් නිවන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම් දී ඇතැයි සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ.

ඒ අනුව විහාරස්ථානවල පහන් නිවා තැබෙන අද සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම දේවස්ථාන ද අඳුරේ තබන බව පියතුමෝ සඳහන් කළහ.

කාලීන පුවත්