පරණ කොම්පියුටර් ජිල්මාට් ඉදිරි ජන්ද වල දී කෘත්‍රිම බුද්ධියෙන් (AI) එළියට ඒවිද?

ජනපතිවරණයක් ආසන්නයේම පැවැත්වෙන බවට ප්‍රවෘත්ති මේ දිනවල නිතර අසන්නට ලැබේ. මෙවර යම් වෙනසක් සිදුවනු ඇති බවට පවතින විවිධ අනුමානයන් නිසා සිය ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාව මෙතෙක් පාලනය ගෙන ගිය ප්‍රධාන පක්ෂ තුළ යම් කුකුසක් හටගෙන තිබෙන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ නිසාම ඔවුන් සිය ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට උත්සාහ කරන බවට සැකයක් නැත. මේ සඳහා භාවිත කරන්නට දේශපාලනඥයන් යොදා ගන්නා ප්‍රධාන උපක්‍රමයක් ලෙස බොහෝ දෙනෙක් අදහස් කරන්නේ කෘත්‍රිම බුද්ධියයි (Artificial intelligence – AI). ඉදිරි මැතිවරණයක දී කෘත්‍රිම බුද්ධිය මගින් ජනතා මතය වෙනස් කළ හැකි වේද යන්න පිළිබඳ අදහස් මේ දිනවල බොහෝ අය අතර කතාබහක් ඇතිවෙමින් පවතී. මේ පිළිබඳ කතා බහ කරද්දී මතකයට නැගෙන්නේ 2010 වසරේ පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් පසු එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ විසින් එල්ල කරනු ලැබූ චෝදනාවය. ඔහු දිගින් දිගටම පවසනු ලැබුයේ එම ඡන්ද ප්‍රතිඵල ‘කොම්පියුටර්  ජිල්මාට් එකක’ බලපෑමට හසු වී ඇති බවය. එනම් සැබෑ ජනමතය පරිගණක ඇසුරෙන් විකෘති කරනු ලැබූ බවය.

එපමණක් නොව මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකුව සිටි රත්නජීවන් හූල් සමග කරනු ලැබූ එක් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු විසින් පවසා තිබුණේ එම මැතිවරණය සඳහා පරිගණක තාක්ෂණය ලබා ගෙන තිබුණේ පුරුදු පරිදි කොළඹ විශ්වවිද්‍යාලයෙන් නොව වෙනත් පෞද්ගලික සමාගමකින් බවත්, ඔවුන්ගේ හැසිරීම තමාට සැක සහිත වූ බවත්ය. කෙසේ වෙතත් එය සාධක සහිතව ඔප්පු කරන්නට තිබූ නොහැකියාව නිසාම එම මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගොනු කළ පෙත්සමට එම කොම්පියුටර් ජිල්මාට් චෝදනාව ඇතුළත් කොට තිබුණේ නැත. ඒ නිසාම බොහෝ දෙනෙක් හුදෙක් හිතලුවක්, අභූත චෝදනාවක් සේ සලකා ඉවත හෙළනු ලැබිණි. දැන් නැවතත් මැතිවරණයක් ආසන්න වෙමින් පවතිද්දී කෘත්‍රිම බුද්ධියක කතාවක් මතු වෙමින් පවතියි. 2010 වරට වඩා මේ වන පරිගණක තාක්ෂණය ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇති අතර, එයට මෑතක දී එක් වූ කෘත්‍රිම බුද්ධියත් නිසා මෙවර නම් කොම්පියුටර් ජිල්මාට් කතාව ඉවත හෙළන්නට එකවර හැකියාවක් නැත.

පසුගිය සිංහල අවුරුදු සමයේ ජාතික රූපවාහිනිය අවුරුදු නැකත් ඉදිරිපත් කරන්නට කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ නිවේදකයෙක් යොදා ගෙන තිබෙනු දක්නට ලැබිණි. එය තාක්ෂණික අතින් සෑහෙන දුර්වලකම් ප්‍රදර්ශනය කරන්නක් වුව ද එයින් සිදු වූයේ සැබෑ නිවේදකයකුට තිබූ අවස්ථාව කෘත්‍රිම බුද්ධිය විසින් පැහැර ගැනීමකි. එය මිනිස් සමාජය මත විනාශකාරී බලපෑම් ඇති කරන්නට පටන් ගෙන ඇති බවට වූ මෙවැනි නිදසුන් ලොව පුරා ඕනෑ තරම් සොයා ගත හැකිය. කෙසේ වෙතත් මෙයින් ජනමතය වෙනස් කරන්නට ලැබෙන හැකියාව මේ සියල්ලටම වඩා විනාශකාරීය.

කෘත්‍රිම බුද්ධිය පොදුවේ භාවිත කරන්නට හැකියාව ලැබුණු මුල් දිනවල ඒ පිළිබඳ බොහෝ දෙනෙක් මහත් ආශ්වාදයකින් කතා කළ ද එය මහත් විනාශකාරී තාක්ෂණයක් බව තාක්ෂණික ලෝකයේ දැවැන්තයකු මෙන්ම ප්‍රකෝටිපතියකු වන ඉලොන් මස්ක් ද ප්‍රකාශ කොට තිබේ. කෘත්‍රිම බුද්ධිය මිනිසුන්ගේ එදිනෙදා වැඩකටයුතුවලට ශීඝ්‍රයෙන් මැදිහත් වෙන්නට පටන් ගෙන තිබේ. පසුගිය සිංහල අවුරුදු සමයේ ජාතික රූපවාහිනිය අවුරුදු නැකත් ඉදිරිපත් කරන්නට කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ නිවේදකයෙක් යොදා ගෙන තිබෙනු දක්නට ලැබිණි. එය තාක්ෂණික අතින් සෑහෙන දුර්වලකම් ප්‍රදර්ශනය කරන්නක් වුව ද එයින් සිදු වූයේ සැබෑ නිවේදකයකුට තිබූ අවස්ථාව කෘත්‍රිම බුද්ධිය විසින් පැහැර ගැනීමකි. එය මිනිස් සමාජය මත විනාශකාරී බලපෑම් ඇති කරන්නට පටන් ගෙන ඇති බවට වූ මෙවැනි නිදසුන් ලොව පුරා ඕනෑ තරම් සොයා ගත හැකිය. කෙසේ වෙතත් මෙයින් ජනමතය වෙනස් කරන්නට ලැබෙන හැකියාව මේ සියල්ලටම වඩා විනාශකාරීය. මෙය යම් නියාමනයකට ලක් කළ යුතු බවට යම් අදහස් පහළ වී තිබුණ ද ප්‍රායෝගික ව එය කළ හැක්කක් නොවේ. විශේෂයෙන් පරිගණක ආරක්ෂක උපක්‍රම ඉතා දුර්වල මට්ටමක පවතින අප වැනි රටක එය කෙසේවත් කළ නොහැකිය. රජයට බොහෝ විට සිය ආයතනවල වෙබ් අඩවි හැකර්කරුවන්ගෙන් ආරක්ෂා කරගන්නට හැකියාවක් නොමැති වටපිටාවක මේවා හුදෙක් විහිළු පමණි.

කෘත්‍රිම බුද්ධියත්, 2022 වසර අවසානයේ ලෝකයට එක් වූ, කෘත්‍රිම බුද්ධිය මත ක්‍රියාත්මක වන ChatGPT වේදිකාවත් නිසා මැතිවරණයකට පෙනී සිටින අපේක්ෂකයන්ට බොහෝ වාසි සහගත තත්ත්වයක් උදා වී තිබෙන බැව් මේ වන විටත් මේ සම්බන්ධව සිදුවන විවිධ කතාබහ තුළින් පැහැදිලි වෙමින් පවතී. එය යහපතක් සේම අයහපතක් බවට ද පත් වෙයි.

ඔබ අන්තර්ජාලය නිතර භාවිත කරන්නකු නම් ගූග්ල් සෙවුම් යන්ත්‍රයට මෑතක සිට කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් ද සෙවුම් ප්‍රතිඵල ලබා දෙන බව දැක තිබෙනවා විය හැකිය. මෙයට පෙර ගූග්ල් සෙවුම් යන්ත්‍රයෙන් යම් සෙවීමක් කරන විට අදාළ මාතෘකවට අදාළ ව ලොව පුරා සම්පාදනය වුණු සියලු දෙයම තත්පර කිහිපයක් ඇතුළත තිරයේ දිස්වනවා මිස එම මාතෘකාව යම්කිසි විශ්ලේෂණයකට ලක් කළ තොරතුරක් ලබා දීම සිදු වන්නේ නැත. නමුත් මෑතක සිට පෙර පරිදි ලැබෙන ප්‍රතිඵලවලට අමතරව, එම කාරණය කෘත්‍රිම බුද්ධිය මගින් විශ්ලේෂණයකට ලක් කොට ලබා දෙන ප්‍රතිඵලයක් ද පරිශීලකයාට වෙතට ලබා දෙයි. එහි දී කෙරෙන්නේ ලොව පුරා මේ සම්බන්ධව ඇති සියලු කරුණු කෘත්‍රිම බුද්ධිය මගින් ක්ෂණිකව විශ්ලේෂණය කොට කොට ප්‍රතිඵලයක් ලබා දීමය. මෙය මැතිවරණ කටයුතුවලට බෙහෙවින් වැදගත් වන බවත්, එය පවතින ජනමතයට ඉතා පහසුවෙන් අවබෝධ කරගන්නට ඡන්ද අපේක්ෂකයන්ට මහඟු අවස්ථාවක් ලබා දෙන බවත් පැහැදිලි වෙමින් පවතින බව ලොව පුරා විවිධ දේශපාලන විශ්ලේෂකයන් විසින් අදහස් දක්වා තිබේ.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව සලකා බැලුවහොත් ගූග්ල් සෙවුම් යන්ත්‍රයෙන් දැනට අප රටේ ජනතා මතය පිළිබඳ සෙවුමක් කළ හොත් සාමාන්‍ය ප්‍රතිඵලවලට අමතරව කෘත්‍රිම බුද්ධියේ විශ්ලේෂණය ද දැක ගත හැකිය. පරිගණක විශේෂඥයන්ට සිය දැනුම භාවිත කරමින් මෙය තවදුරටත් විශ්ලේෂණය කළ හැකිය. මෙයට පෙර මෙවැනි ක්ෂණික විශ්ලේෂණයක් ලබා ගන්නට හැකියාවක් තිබුණේ නැත. නමුත් දැන් ලැබී තිබෙන වාසි සහගත තත්ත්වය නිසා ඕනෑම අපේක්ෂකයකුට ජනතාව සිතන පතන ආකාරය පිළිබඳ පෙරට වඩා පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකියාව තිබේ. එය මත සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරන්නට හැකියාව තිබේ. අදාළ අපේක්ෂකයාගේ මතවාදය වන්නේ සැබෑ ජනමතය ජයග්‍රහණය කරවීම නොවීම විය හැකි වන නමුත්, ඔහු එය ක්‍රියාත්මක කරවන්නේ එය ජයග්‍රහණය කරවනවා යැයි පෙනෙන පරිදිය. මේ අතරේ සැබෑ ජනමතය වෙනුවෙන් අවංකවම වැඩකටයුතු කරන අපේක්ෂකයකු ද සිටිය හැකිය. ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ ද ඒ වෙනුවෙනි. මෙහිදී පරිගණක තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කළ හැකි අපේක්ෂයාට වාසි සහගත තත්ත්වයක් හිමි වෙයි.

කොම්පියුටර් ජිල්මාට් පිළිබඳ කතාව කරළියට පැමිණි 2010 වසර මෙන් නොව මේ වන විට බහුතරයක් සමාජ ජාල භාවිත කරන්නන් බවට පත්ව තිබේ. යම්කිසි මැතිවරණයක ප්‍රතිඵලය මත බලපෑම් කරනුයේ අලුතින්ම ඡන්දය භාවිත කරන්නට පැමිණෙන තරුණ ඡන්ද දායකයන් සහ පාවෙන ඡන්ද දායකයන්ය. මේ අතරින් බහුතරයක් සමාජ ජාල භාවිත කරති. එබැවින් ඔවුන් කරා සිය මතය පතුරවන්නට ඡන්ද අපේක්ෂකයන්ට අවස්ථාව තිබේ. මූල්‍ය ශක්තිය ඇති අපේක්ෂකයන්ට පරිගණක කණ්ඩායම් යොදවා ඡන්ද දායකයන්ගේ සමාජ ජාල පිටු විශ්ලේෂණය කරමින් ඔවුන්ගේ මතය පිළිබඳ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ක්ෂණික, පහසු විශ්ලේෂණයන් සිදු කළ හැකිය. ඉන් පසුව සිදු වන්නේ තමාට එරෙහිව මතයක් දරණ ඡන්ද දායකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අදහස වෙනස් වන ආකාරයේ මත පතුරුවා හැරීමය. මෙවැනි විශ්ලේෂණාත්මක අදහස් පමණක් නොව, තමාට ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අවාසි සහගත වන අන්දමේ ඡායාරූප, වීඩියෝ ආදිය පවා නිර්මාණය කර ගත හැකි තරමට කෘත්‍රිම බුද්ධිය මේ වන විට දියුණු තත්ත්වයක පවතින බව අමතක නොකළ යුතුය. යම් පුද්ගලයකුගේ රූපය සහ හඬ කෘත්‍රිමව කිසිදුු සැකයක් නොහැඟෙන සේ නිර්මාණය කරන්නට කෘත්‍රිම බුද්ධියට හැකියාව තිබේ. පෝලන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන පැට්‍රික් වේගා විසින් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් යොදා ‘පුටින්’ නමින් සිනමා පටයක් නිර්මාණය කොට තිබේ.

පුටින් සිනමා කෘතිය සඳහා ඩීප්ෆේක් තාක්ෂණයෙන් කෘත්‍රිමව නිර්මාණය කළ රුසියානු ජනාධිපති පුටින්

යම් ජනපති අපේක්ෂකයකු තමාට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවන ආකාරයේ ප්‍රකාශයක් මැතිවරණ දිනයට පෙර ප්‍රකාශ කළ හොත් ප්‍රතිඵලය කුමක් වේදැයි සිතා ගැනීමට අපහසු නැත. එය සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර මැතිවරණ ප්‍රතිඵලයේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීම දුෂ්කර නොවේ. මේ deepfake තාක්ෂණය ඔස්සේ මෙවැනි තත්ත්වයක් ඇති කිරීම කිසිසේත්ම දුෂ්කර නැත. එය නියාමනය කරන්නට හැකි කිසිවෙකු නැත. එහි ඇත්ත නැත්ත සොයා ගැනීමට හැකියාව සිදුවන්නේ දීර්ඝ විමර්ශනයකින් පසුවය. ඒ වන විට මැතිවරණය අවසන් වී නව ජනපතිවරයෙක් පත් වී තිබෙන්නට ඉඩ තිබේ.

පුටින් කුඩා කාලයේ සිට රුසියානු ජනපති බවට පත්වන තෙක් කතාව මෙයින් නිරූපණය වන අතර ඔහුගේ යම් යම් මානසික ආබාධිත තත්ත්වයන් ඉතා ඉහළින් නිරූපණය කොට තිබේ. මෙය නිර්මාණය කොට ඇත්තේ යුක්රේන සෙබළුන් සහ යුක්රේන වැසියන් තුළ ධෛර්යයක් ඇති කරනු පිණිසය. චිත්‍රපටය මුළුල්ලේම පෙනී සිටින පුටින්ගේ චරිතය සහමුලින්ම නිර්මාණය කොට ඇත්තේ කෘත්‍රිම බුද්ධිය තුළ නිතර භාවිත වන deepfake නම් තාක්ෂණය ඔස්සේය. මෙය සිනමා ලෝකය තුළ බහුලව භාවිත වන තාක්ෂණයකි. යම් ජනපති අපේක්ෂකයකු තමාට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවන ආකාරයේ ප්‍රකාශයක් මැතිවරණ දිනයට පෙර ප්‍රකාශ කළ හොත් ප්‍රතිඵලය කුමක් වේදැයි සිතා ගැනීමට අපහසු නැත. එය සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර මැතිවරණ ප්‍රතිඵලයේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීම දුෂ්කර නොවේ. මේ deepfake තාක්ෂණය ඔස්සේ මෙවැනි තත්ත්වයක් ඇති කිරීම කිසිසේත්ම දුෂ්කර නැත. එය නියාමනය කරන්නට හැකි කිසිවෙකු නැත. එහි ඇත්ත නැත්ත සොයා ගැනීමට හැකියාව සිදුවන්නේ දීර්ඝ විමර්ශනයකින් පසුවය. ඒ වන විට මැතිවරණය අවසන් වී නව ජනපතිවරයෙක් පත් වී තිබෙන්නට ඉඩ තිබේ.

මේ සියල්ල සලකා බලන විට පෙනෙන්නට ඇති දෙය නම් හොර ඡන්ද, ඡන්ද පෙට්ටි අතුරුදහන් කිරීම ආදියකින් තොරව කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් පමණක් වුව ජනමතය වෙනස් කොට මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පවතින බවය. ඡන්ද ගණන් කිරීමෙන් පසුව කොම්පියුටර් ජිල්මාර්ට් යොදා ප්‍රතිඵල වෙනස් කළේ යැයි චෝදනාවකට ලක් වන්නට ජයග්‍රහණය කළ පාර්ශ්වයට සිදු වන්නේ ද නැත. මන්ද ජනතාව සිය ඡන්දය භාවිත කොට ඇත්තේ කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවූ ඡන්ද ව්‍යාපාරයක් මගින් ඇති කළ විකෘති ජනමතයක් ජයග්‍රහණය කරවනු පිණිසය. මේවා නඩු පැවරිය හැකි කාරණා බවට පත්කරගන්නට දුෂ්කරය. ජනතාව දැනුවත්ව සිටිය යුතු යැයි යමෙකු පැවසුව ද කෘත්‍රිම බුද්ධිය හමුවේ ඔබ අප සියලු දෙනා රැවටෙන්නේ කුමන අවස්ථාවේදීදැයි කිසිවකු දන්නේ නැත. එබැවින් එලැඹෙන මැතිවරණයක දී අප දැනුවත්ව හෝ එසේ නොමැතිව හෝ අප කෘත්‍රිම බුද්ධියේ බලපෑමට හසුවනු ඇත. එය එසේ නොවේ යැයි පවසන්නට හැකියාවක් නැත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර