“සීගිරි ගල මුදුනේ ඕනෙ නම් හෙලිකොප්ටර් අංගනයක් හදන්න පුළුවන්.එතකොට සීගිරි යන අයට කෙලින්ම උඩට ගිහින් බහින්න පුළුවන්.නමුත් ඇයි එහෙම කරන්නේ නැත්තේ ?ඒවයේ තියන ඓතිහාසික,පුරා විද්‍යාත්මක වටිනා කම නිසයි.
මේ පරාක්‍රම සමුද්‍රය අයිනේ ජොගින් ට්‍රැක් දාන එකත් ඒ වගේ වැඩක්”හිටපු ජනාධිපති, පොලොන්නරු දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අදහස් පළ කළේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මංතීරුවක් සෑදීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ පැරණි වැව් තුනක් සහ අළුතින් ඉදිකළ වැවක් එකතු කොට බව කී හිටපු ජනාධිපති වරයා ඒවායේ ඓතිහාසික පුරා විද්යාතම මෙන්ම පාරිසරික අගය ද රැක ගත යුතු බව කීය.
පරණ දෑ අලුත් කරනවා නම් අටමස්ථානය, සොලොස්මස්ථානය පවා නව තාක්ෂණයෙන් දියුණු කළ හැති වුවත් එසේ නොකරන්නේ ඒවායේ ඇති පෞරාණික වටිනාකම් නිසා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
නමුදු පොලොන්නරු දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කියන්නේ මහා සංඝරත්නයේ ආශීර්වාද මැද මෙම මංතීරුවේ වැඩ කඩිනමින් අරඹන බවකි.එමෙන්ම එය පොලොන්නරු ජනතාවගේ පැතුමකැයි ද ඒ මහතා කියයි