පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක්

රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමත් විය.

මෙම සහල් ලොරිය ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන ආ අවස්ථාවේ එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් කළ ඉල්ලිමක් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න හා මහජන සෞඛ්‍ය පරික්ෂක පද්මසිරි බණ්ඩාර යන මහත්වරු විසින් සිදුකළ පරික්ෂණයේ දි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කාලීන පුවත්