පවතින අර්බුදය ඉක්මනින් විසඳා ජනතාවට සහන දෙනවා

පවතින අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා මිත්‍ර රටවල් සමග ණය වාරික ගෙවීම පිළබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.ඒ ඊයේ(16) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී රටක දේශපාලඥයන්ගේ සහ බුද්ධිමතුන්ගේ වගකිම සාමුහිකව ප්‍රශ්ණ වලට විසදුම් සෙවීම බව ද ජනාධිපති වරයා අවධාරණය කළේය.ආනයන වියදම් පාලනයේදී මතුවන බරපතලම ගැටඑව ලෝක වෙළඳපලෙහි ඛනිජතෙල් මිල වේගයෙන් ඉහළ යාම බවත් මෙරට ආනයන වියදමෙන් සියයට 20 කට වැඩි ප්‍රමානයක් ඛනිජතෙල් මිලදී ගැනිම සඳහා වැය කෙරෙන බවත් පැවසූ ජනපති වරයා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවට ද මේ අවස්ථාවේදී රට වෙනුවෙන් සහාය දිය හැකි බව ද සිහිපත් කළේය. කෝවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් පවතින බව කී ජනපති වරයා පසුගිය කොරොනා වසංගතයට ශ්‍රි ලංකාව මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රසංශාවට ලක් වූ බව ද පැවසීය.එමෙන්ම ජනතාවගේ ආරාධනයෙන් දේශපාලනයට පිවිසි තමන් කෙරෙහි අසිමිත විශ්වාසයක් තැබූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා එම විශ්වාසය කිසි විටෙකත් කඩ නොකරන බවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
සහතික විය.

කාලීන පුවත්