පසුගිය ජන:01 නොවැ 03 පත් වූ පොලිස් ස්ථානාධිපති වරුන් 184 න් සුදුසුකම් සපුරා ඇත්තේ 02 ක් විතරයි

පසුගිය වසරේ ජනවාරි පළමු වනදා සිට පසුගිය නොවැම්බර් 3 වනදා දක්වා මෙම රජය යටතේ ස්ථානාධිපති ධුර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු පමණක් බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා වෙත ලිපියක් මඟින් දන්වා තිබේ.එම ලිපියේ සඳහන් වනුයේ අනෙක් පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනා තම නිර්දේශවලින් තොරව දේශපාලන බලය මත පත්වීම් ලබා ඇති බව ය.

පසුගිය 09 දා අරලිය ගහ මන්දිරයෙන් පැමිණි පිරිසක් කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී අරගල කරුවන්ට එල්ල කළ ප්‍රහාරය මුල් කොට ප්‍රකෝපයට පත් ජනතාව දේශපාලනඥයන්ගේ නිවාස ගිනි බත් කිරීම හා කඩා බිඳ දැමීම මුල් කොට පසුගිය දා ජනාධිපති මන්දිරයට රැස් වූ මැති ඇමති වරුන් පොලිස්පති වරයා එහි කැඳවා පරුෂ වචනයෙන් බැණ වැදීම මුල් කොට ඔහු විසින් මෙම කරුණු දැක්වීම කොට තිබේ.

 


 


 


 


 


 


 


 

කාලීන පුවත්