මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති ඉන්දීය මහමැතිවරණ ප්‍රතිඵලය අනුව අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැති ලෙස තෙවැනි වතාවටත් නැවත තේරී පත්වීමට අවශ්‍ය බහුතරය ලබා ඇත.ඉන්දියාවේ සති 06 ක් පමණ කාලයක් තිස්සේ පැවති 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව නමුත් ඔහු අපේක්ෂා කළ තුනෙන් දෙකේ බහුතරය මෙවර නොලැබීම ද විශේෂත්වයකි.ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 543 ක් පවතින අතර 2019 මැතිවරණයෙන් එහි 352 ක බහුතර බලයක් රඳවාගෙන සිටි මෝදි මෙවර 291 දක්වා පහළට වැටී ඇත.එය පසුබෑම් සහගත ජයග්‍රහණයකි.ඉන්දියානුවන් මිලියන 642 ක් පමණ සති 6 ක් තිස්සේ විටින් විට ඡන්දය පාවිච්චි කර තිබූ අතර බලය ලබාගැනීමට අවශ්‍ය ආසන 272 කින් යන්තම් වැඩි ආසන 291 ක් පමණ ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය හා ඊට සම්බන්ධිත එන්ඩීඒ සන්ධානය සමත් විය. රහුල් ගාන්ධි ඇතුළත් කොන්ග්රසය සම්බන්ධිත ඉන්දියා සන්ධානය ආසන 233 ක් ලබාගෙන ඇත. සෙසු පක්ෂ 19 ක් ලබා ඇත.