පළාත් පාලන මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය එක් ව තරඟ වදිති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරඟ කිරීමට තීරණය කර තිබේ.අද (10) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී එම තීරණය ගෙන ඇත.එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාලිත රංගේ බණ්ඩාර මෙලෙස කරුණු පැහැදිලි කළේය.
“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකට එකතු වෙලා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට අප තීරණයක් ගත්තා. ඒ අනුව දෙපාර්ශවයේම දිස්ත්‍රික්කවල ප්‍රධානීන් එකට හමුවෙලා සාකච්ඡා කළා. එහිදී අපි අලියා ලාංජනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවද, පොහොට්ටුව ලාංජනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවද, එකට එක්වෙලා තරගකරන පළාත් පාලනය මොනවද, ඒ වගේම එකට එක්ව තරග කරන ස්ථානවල අපේක්ෂකයින් බෙදාගැනීමේ පදනම මොකක්ද යන්න පිළිබදව කියලා සාකච්ඡා කළා. දිස්ත්‍රික්ක 5ක් පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කළා. ඉතිරි දිස්ත්‍රික්ක පිළිබදව ඉදිරි දිනවලදී සාකච්ඡා කරනවා. පොදු ලාංජනය මොකක්ද කියලා තවම තීරණය කරලා “

කාලීන පුවත්