ප්‍රදේශ කිහිපයකට අද සවසත් වැසි

අද (09) පස්වරු 2.00 පමණ පසු බස්නාහිර. සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනුයේ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද අකුණු ද ඇති විය හැකි බව ය. ඒ අතර අද දින දහවල් 12.11 ට උඩප්පුව,ආඬිගම,පිදිවිල්ල, බකමූණ,නුවරගල සහ එරාවුර් යන ප්‍රදේශවලට හිරු මුදුන්වනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්