කලටුවාවේ සිට හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට ජලය ගෙන යන සම්ප්‍රේෂණ නලයේ පිපිරීමක් සිදුව තිබේ.
ගොඩගම ප්‍රදේශයේදී එම නලයේ මෝටර් රථයක් ගැටීමෙන් ය.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් හා නඩත්තු, සහකාර සාමාන්‍යාධිකාරී කුමුදු විජේගුණවර්ධන සඳහන් කළේ මේ හේතුවෙන් හෝමාගම, ගොඩගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.
කුමුදු විජේගුණවර්ධන පැවසුවේ අද පස්වරු 6.00 පමණ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.