ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (11) රාත්‍රීයේත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට තද වැසි ඇද හැළුණු අතර, ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 175.5ක අගයක් අවිස්සාවේල්ල එල්ස්ටන් ප්‍රදේශයෙන් වාර්තා විය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (12) උදෑසන 9.30ට නිකුත් කළ වාර්තාව අනුව කැලණි ගඟ නාගලගම් වීදිය සහ හංවැල්ල යන ජල මාපකවල සුළු ගංවතුර තත්ත්වයක් දැකගත හැකිවිය. කොළොන්නාව, වැල්ලම්පිටිය , කැලණිමුල්ල මෙන්ම අඹතලේ , ගල්වාන සහ මල්වාන නගරයන් ද ජලයෙන් යටවිය.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් කඩුවෙල පහත්බිම් රැසක් මෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවිය.

කාලීන පුවත්