ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම පහළට

අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි සමස්ත ජල ධාරිතාව සියයට 85.7 ක මට්ටමකට පහළ බැස ඇති බවයි.

පානීය ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම් සීග්‍රයෙන් පහත බසිමින් පවතින බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. අධික වියළි කාලගුණික තත්ත්වය සමග ජල පාරිභෝජනයද ඉහළ මට්ටමක පවතින බව එම මණ්ඩලය කියයි.

එමෙන්ම,උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන්ට ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී. වාහන සේදීම, ගෙවතු වගාව ආදී කටයුතු සඳහා ජලය යොදා ගැනීම අවම කරන ලෙසත්, අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය යොදා ගන්නා ලෙසත් එම මණ්ඩලය මහජනතාවට දැනුම් දෙයි.

කාලීන පුවත්