ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

බදුල්ල දිස්ත්‍රික්කය – හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (දෙවන මට්ටමේ නිවේදනයක්)
කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය
හම්බන්තොට දිස්ත්‍රික්කය – කටුවන වලස්මුල්ල, බෙලිඅත්ත සහ ඔකේවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස
මහනුවර දිස්ත්‍රික්කය – උඩදුම්බර, උඩුනුවර , යටිනුවර සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (පළමු මට්ටමේ නිවේදනයක්) / තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයක්.
කෑගල්ල දිස්ත්‍රික්කය – මාවනැල්ල අරණායක සහ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (පළමු මට්ටමේ නිවේදනයක්) / කෑගල්ල වරකාපොළ සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා (දෙවන මට්ටමේ නිවේදනයක්)
කුරුණෑගල දිස්ත්‍රික්කය – අලව්ව,පොල්ගහවෙල,රිදීගම සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම කොට්ඨාස
මාතර දිස්ත්‍රික්කය – කොටපොළ, කඩවත් සතර. පිටබැද්දර, මාලිම්බඩ, තිහගොඩ, කඹුරුපිටිය, මුලටියන, අතුරලිය,වැලිපිටිය,හක්මන,කිරින්ද පුහුල්වැල්ල,අකුරැස්ස, වැලිපැන්න,දෙවිනුවර,දික්වැල්ල සහ පස්ගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස
රත්නපුර දිස්ත්‍රික්කය – අයගම, කිරිඇල්ල,පැල්මඩුල්ල, කහවත්ත සහ නිවිතිගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (පළමු මට්ටමේ නි‌වේදනයදක් ) / ඉඹුල්පේ, වැලිගෙපොළ, ගොඩකවෙල, ඇලපාත,ඇහැලියගොඩ, කලවාන,කොලොන්න, බලංගොඩ,ඔ්පනායක,රත්නපුර සහ කුරුවිට යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (දෙවන මට්ටමේ නිවේදනයක්)

මෙම නිවේදනය අද 11 වනදා පස්වරුව දක්වා බලපැවැත්වෙන බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

කාලීන පුවත්