“ප්ලේන්ටියේ” සිට බත් පත තෙක් කෑම මිල ඉහළට

ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බැවින් මේ වන විටත් ආපන ශාලාවල ආහාර මිල ගණන් ඉහළ දමා තිබේ..සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල රුපියල් 5කින්ද කිරි තේ එකක මිල රුපියල් 10කින්ද ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසයි.මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව ද ඔහු සදහන් කරයි.නමුත් මෙම මිල වැඩිවීම් තත්වයන් යටතේ ජනතාව මඟ තොට දී ආහාර පාන ගැනීම හැකිතාක් දුරට සීමා කිරීම මත ඉදිරියේ දී ආහාර-පාන අලෙවි කරන කුඩා පරිමානයේ ව්‍යාපාර වැසී යාමේ අවදානමක් ද පවතින බව වෙළඳ පළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්