සිංහල අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වෙන අතර එදිනට ප්රති ත්රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ප්රති ත්රස්ත පනත පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20වන දා පැවැත්වීමට නියමිත ය..පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බව ය.අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පලමු පක්ෂ නායක රැස්වීම ද මෙයයි.මෙම ප්රති ත්රස්ත පනත පසුගිය 04 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පාර්ශව රැසකින් එල්ල වූ විරෝධය හමුවේ එය ඉදිරිපත් නොකරන ලදී.මෙම පනතට එරෙහිව අධිකරණයට යෑමට ප්රමාණවත් කාලයක් නොමැතිවීම හේතුවෙන් පනත ඉදිරිපත් කිරීම ප්රමාද කරන ලෙසද ඇතැම් පාර්ශව ඉල්ලා තිබුණි .