සෑම වසරකම වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වන ලද ඖෂධ අතරින් ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ලැබෙන පැමිණිලි මත පරීක්ෂණ සිදුකර ඖෂධ 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එ අතිරේක ලේකම්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.2023 වසරේදී ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් මේ දක්වා ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇති අතර ඒ යටතට ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.