ප්‍රාථමික අංශ අද ඇරඹෙයි

මාස 06 ක කාලයකට පසු දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරුණි.

පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් පාසල් වෙත පැමිණීමේදි නිල ඇදුම බාධාවක් කර නොගෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසල්වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දැනුම් දී තිබුණා.

උණ, කැස්ස වැනි රෝගී තත්ත්වයන් සහිත දරුවන් පාසල් වෙත එවීමෙන් වලකින ලෙසයි මව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ.

කාලීන පුවත්