පාන්පිටි (තිරිඟු පිටි) කිලෝවක් රුපියල් 18.50 කින් ඉහළ දැමීමට පාන්පිටි නිෂ්පාදකයන් කටයුතු කර ඇතැයි ද ඒ අනුව ඉදිරියේ දී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල තවත් ඉහළ යනු ඇතැයි ද වෙළඳ පළ ආරංචි මාර්ග කියයි.අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධ මිල පාලනය හා නියාමය පිළිබඳව රජය පළ කරන උදාසීනතාව හේතුවෙන් මෙලෙස භාණ්ඩ මිල නිරතුරුව ඉහළ නඟින බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.