පාරවල් වල ඉඩ ඉල්ලා විදේශ සංචාරකයෝ සීගිරියේ උද්ඝෝෂණයක

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශික සංචාරකයෝ පිරිසක් ඊයේ(26) පස්වරුවේ සීගිරි පර්වත පාමුල විරෝධතාවක යෙදුනහ.ඔවුන්ගේ ඉල්ලීම වූයේ රට පුරා ජනතා උද්ඝෝෂණ කොතරම් පැවැතිය ද මෙරටට විදේශ විනිමය හිමි වන අන්දමට තමන්ට නිදහසේ රට පුරා සංචාරය කිරීම සඳහා එය බාධාවක් නොවන සේ කටයුතු කිරීමට බලධාරීන් වග බලාගත යුතු බව ය. පසුගිය දිනවල ඉන්ධන අර්බුදය ආදී හේතූන් මත මාර්ග වසා සිදු කළ ජනතා උද්ඝෝෂණ මේ වන විට අඩු වෙමින් පැවතිය ද පසුගිය දිනවල පොලීසිය ස්ථිර මාර්ග බාධක යොදා මාර්ග අවහිර කිරීම සපුරාම නීති විරෝධී කාර්යක් බව නීති විශාරදයන් මේ වන විට පෙන්වා දී තිබේ.

කාලීන පුවත්