පාර්ලිමේන්තු ඡන්දයට පොදුජන පෙරමුණෙන් තරඟ කරන්න සූදානම්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධනා කළහොත් තමන් ඊට සූදානම් බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි කියා සිටියි.නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි ද උන්වහන්සේ පවසයි.තමන් ජනාධිපතිවරණයෙන් පසු විදෙස් ගත වූ බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඒ හිමියන් කියා සිටියේ තමන් පසුගිය ආණ්ඩුවෙන් කිසිදු තනතුරක් වරප්‍රසාදයක් ලබාගත් අයකු නොවන නිසා රටෙන් පලා යාමේ කිසිදු වුවමනාවක් නැති බවය.ශ්‍රී.ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් සද්ධාතිස්ස හිමි එසේ කීය.

කාලීන පුවත්