09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය ලබන අගහරුවාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරේ. ඉන් අනතුරුව ජනාධිපති වරයා පාර්ලිමේන්තුවේදි රජයේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට පෙර නව වැනි පාර්ලිමේන්තුවේ 02 වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. රජයේ ප්රතිපත්ති ප්රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් ගෙන එන ලද සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන බදාදා හා බ්රහස්පතින්දා පැවැත්විමට නියමිතය.