පාර්ලිමේන්තු දිවි ගෙවන පරිශ්‍රයේ සුනඛයන් දහ දෙනකු පමණ එම පරිශ්‍රයෙන් ඉවත්කරන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.කථානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී එහි ජීවත් වන හීලෑ සුනඛයකු ඔහුගේ අසලින් යනු දැක “මෙහෙ බල්ලොත් හදනවාදැ”යි විමසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.කථානායක වරයා වේත්‍රධාරීවරයාට පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටින සුනඛයන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.