පාර්ලිමේන්තුව අද (17) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව, අද (17) පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට නියමිත බවත් අනතුරුව නව කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවන බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
ඊයේ (16) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී තිබේ.
අද (17) පෙ.ව 9.30 සිට පෙ.ව 9.45 දක්වා නව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව, දිවුරුම ලබා දීම සඳහා කාලය වෙන්කර තිබේ.
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම්කළ මන්ත්‍රීවරයන් තිදෙනෙකු සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරයෙකු මෙසේ දිවුරුම් දීමට නියමිතයි.
ඉන්අනතුරුව නව කථානායකවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.