පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමු වූ කතාව බොරුවක්!

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමු වූ කතාව බොරුවක්! පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමු වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අවධාරණය කරයි.පාර්ලිමේන්තු ගෘහ පාලන අංශය පිළිබඳ 2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා පදනම් කර ගනිමින් මූලික විමර්ශනයක් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කොට මේ වන විටත් විමර්ශෂණ සිදු කෙරෙමින් පවතින බවද මහ ලේකම්වරිය තවදුරටත් සඳහන් කරයි. අදාළ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියෙකුගේ වැඩ මේ වන විට තහනම් කොට ඇති අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.එකී කරුණු සම්බන්ධව අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම් වෙත ද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇති බවද රෝහණදීර මහත්මිය සඳහන් කරයි.මේ වන විට අදාළ කමිටු විමර්ශෂණ අපක්ෂපාතීව සිදු කෙරෙමින් පවතින අතර කිසියම් නිලධාරියෙකුට එරෙහි චෝදනාවක් තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ ලේකම්වරිය අවධාරණය කළා ය.

කාලීන පුවත්