පාර්ලිමේන්තුවේ මාසික කෑම වියදම කෝටියයි;60%ක් කාර්ය මණ්ඩලයට

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමති වරුන්ගේ ආහාර පාන වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ අනූවක් පමණ වුව ද දැන් එය කෝටිය ඉක්මවා ඇතැයි යන පුවතේ සත්‍යයක් නොමැති බවත් පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වැය වන මුදලින් සියයට 60 කට අධික ප්‍රමාණයක් වැය වන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙන් බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා කරයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාර ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන දිනවලදී පමණක් වන අතර එය බොහෝ දුරට මාසයකට දින අටක් පමණ වන බව ද පැවසෙයි.. ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා නොගන්නා මුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මාසය පුරා රජයේ වැඩ කරන දිනවල ආහාර සහනදායි මිලට ලබා දෙයි.පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දහසකට ආසන්න පිරිසක් වන අතර පාර්ලිමේන්තු සැසි වාරයක් සඳහා වන වියදම් ගණනය කරනුයේ කාර්ය මණ්ඩල වියදම් ද සමඟින් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරයි.

කාලීන පුවත්