පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ඉල්ලා අස්වෙයි?

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස් වීමට සූදානමකින් සිටින්නේ යයි වාර්තා වේ.

ඔහුගේ රාජකාරිමය කටයුතු සඳහා දිගින් දිගටම එල්ල එල්ල වන අයථා බලපෑම් හේතුවෙන් ‌ඒ මහතා එම තීරණයට එළැඹ තිබේ.

පසුගිය දිනවල සුදු ළුෑණු කිලෝ ග්‍රෑම් 56000 ක් සහිත බහළුම් දෙකක් හොර රහසේ වරායෙන් පිටවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් සතොස ආයතනයට යාමත් සමඟ එම පරීක්ෂණ කටයුතු නතර කරන ලෙස තුෂාන් ගුණවර්ධන මහතාට දේශපාලන බලපෑම් එල්ල වූ බව පාරිභෝගික අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

පසුගිය කාලය පුරාම මේ ආකාරයට තමන්ට අයථා බලපෑම් වලින් තොරව ස්වාධීනව රාජකාරි කළ නොහැකි බව පවසමින් රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ නිලධාරීන් කිහිප දෙනෙක් ඉල්ලා අස්වී තිබේ.

කාලීන පුවත්