පාසල් 5ක ගුරුවරු සේවයෙන් ඉවත්වෙයි

කතරගම ප්‍රදේශයේ පාසල් 05ක ගුරුවරු සිය ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

සෙල්ලකතරගම මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පවසමින් එයට විරෝධය පළකිරීම සඳහා මෙලෙස පාසල් 05ක ගුරුවරු අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව ඇත.

ගුරුවරුන් චෝදනා කරන්නේ තම දරුවාට පහරදුන් බවට මවක් විසින් කළ අසත්‍ය චෝදනාවක් පදනම් කරගනිමින් මෙලෙස අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවටය.

ගුරුවරුන් වැඩිදුරටත් පවසන්නේ අදාළ දරුවා දුම්වැටියක් පානය කිරීම මුල්කරගනිමින් ඇතිවූ සිදුවීමක් හේතුවෙන් විනය භාර ආචාර්යවරයා විසින් දරුවාට අවවාද කළ බවය.

අදාළ ගුරුවරයාට සහාය පළකරමින් එම පාසලේ ඉගෙනුම ලබන සෙසු සියලුම දරුවන්ගේ මව්පියන් විශාල පිරිසක් පා ගමනින් කතරගම පොලිස් ස්ථානය වෙත ගොස් තිබේ.

කාලීන පුවත්