පාසල් සිසුන්ට අඩු මිලට අභ්‍යාස පොත්

පාසල් සිසුන් සඳහා සියයට 30 ක වට්ටමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට තිබේ. සතොස වෙළෙඳසැල් මගින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් සිසුන්ට මිලදී ගත හැකි බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි.පසුගිය දිනවල සිදු වූ අභ්‍යාස පොත් මිල ඉහළ යාම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කොට ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

කාලීන පුවත්