පාස්කු ප්‍රහාර විමර්ශන යළි ඇරඹේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශන වලට අමතරව විමර්ශන කණ්ඩායම් 08ක් යළි විමර්ශන ආරම්භ කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.එම ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අංශ කිහිපයක් යටතේ විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.මේ අතර දැනට විමර්ශන අවසන් කර ඇති කරුණු මත පදනම්ව අධි චෝදනා ගොනු කිරීම සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ නියෝජිත ශ්‍රී ලංකාවේ වතිකාන අපොස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ රදගුරු තුමන් පාප් වහන්සේගේ සුබ පැතුම් ඊයේ(09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන් වූ අවස්ථාවේ ද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි විමර්ශන පිළිබඳව විශේෂ අවධානය යොමු කොට ඇත.

කාලීන පුවත්