පාස්කු ප්‍රහාරය එල්ල කළ අය ගැන උසාවියට කියන්න බෑ

පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට තමන් අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දී තිබේ.නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මහතා මේ පිළිබඳ දැනුම් දී ඇත.නමුත් ඔහු මීට පෙර පවසා සිටියේ පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් තමන් හමුවේ අනාවරණය වී ඇති අතර ඒවා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ හැකි බවකි.

කාලීන පුවත්