මෑත ඉතිහාසයේ එල්ල වූ බිහිසුණුම සමූහ ඝාතනයක් වූ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු කිහිප දෙනෙකු එළැඹෙන මෙම අප්‍රේල් 21 දා වන විට හෙළිදරව් කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.ඒ පසුගිය මාර්තු තිස් වැනිදා මාතර දෙයියන්දර ප්‍රදේශයේදී පැවැති ජන හමුවක දී ය.ජනපති වරයා පවසනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරන තොරතුරු මත එලෙස අප්‍රේල් 21වනදා පෙර පාස්කු ප්‍රහාරය සඳහා වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන බව ය.ඒ අතර කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ද මාධ්‍ය වෙත පවසා ඇත්තේ අප්‍රේල් විසි එක්වෙන දින තෙක්තෙක් ඉතා ඕනෑකමන් බලා සිටින බවත් නව රජයේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තුවක් තබා සිටින බව ය. නමුත් ඒ සම්බන්ධයෙන් විද්වත් අංශ පෙන්වා දී ඇත්තේ සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් විනිශ්චයකට එළඹීම මුළුමනින්ම අධිකරණය සතු ක්‍රියා මාර්ගයක් වන අතර ඒ සම්බන්ධ පූර්ව විනිශ්චයකට එළඹීමට විධායකයට වුව හිමිකමක් නොමැති බවකි.