පාස්කු ප්‍රහාරය ගැන විමසන්න පාප් වහන්සේගෙන් අගරදගුරු තුමන්ට හදිසි කැඳවීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම පිණිස ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ කළ හදිසි කැඳවීමකට අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් පිරිසක් සමඟ ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීම සඳහා අද(22) අළුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලින් රෝමය බලා පිටත්ව පිටත්ව ගියහ.මෙම හමුවීමෙන් පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධ මෙතෙක් අනාවරණය නොවූ රහස් රැසක් වතිකානුවේ තොරතුරු සන්නිවේදන ජාල ඔස්සේ ලෝක කිතුණු ප්‍රජාව හමුවේ මෙන්ම ලොව පුරා ජනතාව වෙත ද පැතිර යනු ඇත.”කතෝලික පල්ලිය කියන්නේ ලෝකේ බලවත්ම ආයතනයක් කියන එකත් අමතක කරන්න එපා” අනුවෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට පෙර රජයට අනතුරු අඟවා තිබිණ.

කාලීන පුවත්