පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීමේ විශේෂ වැඩසටහන අද

2019 වසරේ අප්‍රේල් 21 වනදා කොළඹ කොච්චික‌ෙඩ් ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය සේම කොළඹ හෝටල් කිහිපයක් එල්ල කොට සිදු වූ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට තෙවසරක් පිරීම මුල් කොට ගත් විශේෂ වැඩසටහනක් අද(21)කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ සමබන්ධයෙන් පවසනුයේ මෙම ප්‍රහාරය සහ වත්මන් පාලකයන් අතර යම් සබැඳියාවක් පැවතීම මත ඔවුන් මෙම ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ උවමනාවෙන්ම යට ගසා ඇති බවය.

කාලීන පුවත්