පැරසිටමෝල් පෙත්තේ සිට ඖෂධ වර්ග 60 කමිල ඉහළට

සමාජයේ සුලබව භාවිතා වන වේදනා නාශකයක් වන පැරසිටමෝල් වල සිට කල ඖෂධ වර්ග 60 ක මිල ඉහළ නංවා තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.ඩොලර් අර්බුදයත් සමග ඖෂධ ආනයනයට පවතින ගැටළු හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මේ අතර ඖෂධ ආනයනකරුවන් ද ඖෂධ මිල සංශෝධනය කරන ලෙස අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.පැරසිටමෝල්, ඇස්ප්‍රින්, ඇමොක්සිලීන්, ඇසිත්‍රෝමයිසීන්, ඇටෝවැස්ටියන්, සහ ඉන්සියුලින් ඇතුළු ඖෂධ වර්ග 60 ක මිල මේ අනුව ඉහළ ගොස් තිබේ.

කාලීන පුවත්